History

දඹදෙනිය රාජ සමයේ රජකම් කරන ලද දෙවන පරාක්‍රම භාහු රජ තුමා හට ඉක්කා රෝගයක් සෑදී තිබේ.මේ රෝගය සුව කර ගැනීම පිනිස දේවප්‍රතිරාජ මහ ඇමැති දෙවුන්දර උපුල්වන් දෙවොලට ගොස් සතියක් පේ වීමෙන් දෙවියන්ට කන්නලව් කර ඇත.මෙසේ කන්නලව් කිරිමේදී සත්වෙනි දින දේවප්‍රතිරාජ ඇමැතිහට සිහිනෙන් "තොපගේ රජ්ජුරුවන්ගේ ඉක්කා රෝගය කෙකටිය මලේ වක ඇරුනත් සුව වෙන්නේ නෑ" යනුවෙන් පවසා ඇත.

දේවප්‍රතිරාජ මහ ඇමැති  මේ බව රජුන් හට දැනුම් දුන් පසුව මේ උදෙසා පූජාවක් වශයෙන් දෙවොලක් ඉදි කරන්න ඕනේ යැයි උතුම් චේතනාවෙන් යුතුව දෙවන පරාක්‍රම භාහු රජ තුමා තීරනය කර ඒ සඳහා මාවනැල්ල සිට මහ නුවර දෙසට කිලොමිටරයක් පමන ගමන් කරන විට හමුවෙන අලුත්නුවර ප්‍රදේශය තෝරාගෙන ඇත.මුලින් මේ ප්‍රදේශය හදුන්වා ඇත්තේ ගිරාවෙල් පාය යනුවෙනි, පසුව පද්දාවෙල් පාය මීලඟට තිලක පුරය පසුව නව තිලකපුරය යනුවෙන්ද පස්වෙනි නම වශයෙන් අලුත්නුවර යන නාමය දැනට භාවිතා වෙයි. aluthnuwara3.jpg  

 

මෙම පළාත තෝරාගෙන ක්‍රි.ව 1226 දෙවුන්දර උපුල්වන් දෙවොලින් දේවාභරන වඩම්මවා එකල පැවති ගල්ගනේ රජමහා විහාරස්ථානයෙ තැන්පත් කර ඇත. පසු කලක රජතුමා හට "වෙනම දොවොලක් ඉදිකරන්නේ නම් හොදයි" කියන පනිවිඩය සිහිනෙන් පවසා ඇත. ඒ අනුව දැනට දකින්නට ලැබෙන දෙවොල ඉදිකරවා ගල්ගනේ රජමහා විහාරස්ථානයෙ තැන්පත් කර තිබු දේවාභරන තැන්පත් කරවා පුද පුජා කරගෙන යනවිට නැවතත් සිහිනෙන් රජතුමාට කලින් තිබු දෙවොලත් හිස් නොකාරනවා නම් හොදයි කියන පනිවිඩය ලැබී ඇත.

අලුත්නුවර ග්‍රාමය අවට සපුගස්තොට යනුවෙන් හදුන්වනු ලබන ග්‍රාමයේ අති විශාල සපුගසක් තිබුනු බවත් ඒ සපු ගස රජතුමා දේව ප්‍රතිරාජ මහ ඇමැති ප්‍රදාන පිරිසක් පෙරහැරින් ගොස් එ සපු ගස කපා හපු ලීයෙන් දේවතා බන්ඩාර දේවතාවුන් වහන්සේගේත්(දැඩිමුන්ඩ දෙවියන්) ශ්‍රී විශ්ණූ දේවතාවුන්වහන්සේගේත් චන්ද්‍රවතී බිසවුන් වහන්සේගේත් පිලිම 3ක් නෙලා විහරස්ථානයේ තැන්පත් කර ඇති බව සදහන් වේ.









aluthnuwara4.jpg



aluthnuwara5.jpg